Tuesday, February 2, 2010

නුඹ මගේ සිත වෙලා ඇත

නෙත් පුරා හීන පුරන නුඹේ මතකය, ජීවත් කරයි මාව නුඹ නොමැති හැමදාම...

දැල්වී බලපොරොත්තුවේ ගිනි සිළුව, පහන් කරයි දෙනෙත් නුඹ දකින්නට සබඳ...

පාලුවක් තනිකමක් මට මේ දිවියේ නොමැත, සදාකල් නුඹේ වත මගේ සිත වෙලා ඇත...




>--දිල්මිණී-->

හදවත අරණ


නුඹේ සෙනෙහෙ විල පිරී ගලන කළ,
හදේ වියලි බිම සිනා සලයි...

නුඹේ නුවන් යුග පියන් විවර කර,
මගෙ හදවතම පුබුදු කරයි...


>--දිල්මිණී-->

Monday, February 1, 2010

නුඹ සෙනෙහස මට සවියකි


සෙනහස ඉතිරෙනන නෙතු යුග…දැක දැහැනට සමවදිමි…
ඉපදුනු මැරැණු සියවර…නුඹ
නෙතින් ලොව දුටුවෙමි…
නලලතත මුදු දෙතාල් තියා…දුන් සැනසුම විඳිමි…
හිස පිරිමැද තුරැළු කරන්…ලද උණුහුම මහමෙරකි…
ජීවිතයේ අනන්ත දුක්…නුඹ සෙවනේ මහ සිහිලකි…
පය පැටලී මග වැටුනදි…නුඹ සෙනහස මට සවියකි…



>–දිල්මිණී–>



මගේ සඳ ඔබ...

වසා ඝන කලුවර...
නුඹයි මනහර සඳ ඔබ...
පෑයූ සුපෙම් පුර හඳ…
තුන් යමම එළි කළා...
සොඳුරු හැඟුමි හදේ මතුකරා...
සරා සඳ මගේ ලොව…


>-දිල්මිණී->




Sunday, January 31, 2010

මුවැත්තියකගේ ප්‍රේමය
















ඉර පායන්නැති – හඳ පායන්නැති
තවත් දිනක් ගෙවියන් ගෙවියන්
දින පැය තත්පර වී ගිලිහී යන
දින දහයක් ගෙවියන් ගෙවියන්

ඈත ක්ෂිතිජයේ – මට නොපෙනෙන්නට
මට පායන්නැති හිරැ පායන්
සැතපුමි දසදහසක් මහ ගවි දුර
එක ක්ෂණිකෙන් යාවීයා නම්

දෙනෙත් පියාගෙන – ඉන්නම් තුන් යම
සිහිනෙන් හෝ ඔබ ලඟ ඇත්නම්
රෑ වුනාම තරැ නිදනු බලනවද
තනි තරැවක් වී මා ඉන්නම්

>–දිල්මිණී–>